විදුලි මෝටර් රථ එකලස් කිරීමේ ව්‍යාපාර සඳහා අවසර

484

දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණ ගෙන තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතය.

මෙම ව්‍යාපාර ආරම්භ කළ හැක්කේ ආයෝජන මණ්ඩලයේ වසර 05කට නොඅඩු කාලයක් ලියාපදිංචි සමාගම් වලටය.එසේම මෙම ව්‍යාපාර ආරම්භ කිරීම මගින් දේශීය වශයෙන් නව රැකියා අවස්ථා අවම වශයෙන් 50ක් ඇති කළ යුතු අතර ඉන් සේවකයින් 15ක් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලබා සිටිය යුතුය.

500kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් පැනවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එමෙන්ම සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කරන ලද සමාගම් සඳහා රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000 නොයික්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment