දකුණු ආසියානු පාපන්දු ශූරතාවයට බටහිරටත් එන්න කියයි

126

ශ්‍රී ලංකාවට තහනම්

14 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාව සඳහා බටහිර ආසියානු රටවල් වන කුවේට් සහ ලෙබනනය ද සම්බන්ධ කර ගැනීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 8ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ජාත්‍යන්තර පාපන්දු තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිව ගොස් ඇත.

තරගාවලියට අදාළ කණ්ඩායම් කාණ්ඩගත කිරීම පෙරේදා (17 වැනිදා) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවති අතර වත්මන් ශූර ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයට ඇතුළත් වේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පනවා තිබුණු තහනමක් නිසාවෙන්, 2021 තරගාවලියට පාකිස්තානය සහභාගී නොවුණ නමුත්, මේ වන විට එම තහනම බල රහිත කර තිබෙන නිසාවෙන් පාකිස්තානයට මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිව තිබේ.

‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ කුවේටය තරඟ වදී.

‘බී’ කාණ්ඩයෙන් මාලදිවයින, ලෙබනනය, භූතානය සහ බංග්ලාදේශය තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment