ක්‍රෝස් වින්ඩ්ස් ඇඩ්වෙන්චර්ස් මගින් සංවිධානය කරන ලද “වෝක් ටු රිවස්ටන්” තරගකාරී වනාශ්‍රිත කඳු තරණයෙන් ‘පේරා එක්ස්ප්ලෝර්රස්” ජයග්‍රහණය කරයි.

ක්‍රෝස් වින්ඩ්ස් ඇඩ්වෙන්චර්ස් – “ද වෝක් ටු රිවස්ටන්” වනාශ්‍රිත කඳු තරණ තරගය, මානව ඒකාග්‍රතාව, දරාගැනීමේ හැකියාව සහ විශිෂ්ට වූ ක්‍රීඩාශීලිත්වයක් සනිටුහන් කරමින් අවසන් විය. මිනිස් හැකියාවන්හි සීමාවන් අභිබවා යමින්ද මෙම මනස්කාන්ත තරණ පථයේ නව මාපකයන් සළකුණු කරමින් ද ජයග්‍රහණය කරා පා නැඟූ ශූරයන් අපි සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.

අද්විතීය හැකියාවක් විදහා දක්වමින් පැ. 2 වි. 53 ත.51.6ක කාලයක් තුළ විශිෂ්ට ලෙස තරගය නිමාකිරීමට කලණ විජේවික්‍රම සමත් විය. ඊට නොදෙවනි විශිෂ්ටත්වයක් දක්වමින් සචින්තන විජේරත්න පැ. 3 වි. 44 ත. 31.9ක කාලයක් තුළ තරගය නිමා කළේය.

මුල් ජයග්‍රාහී පස්දෙනා අතරට පැමිණෙමින් පැ. 3 වි. 46 ත.30ක කාලයක් තුළ තරගය නිමා කල රීකාස් ඉලම්ඩින් ද පැ.3.වි.55ත.17.9ක කාලයකින් තරගය නිමා කළ ඩී. බී. විජේසිරි ද පැ.4.වි.02ත.15.2ක කාලයක් තුළ තරගය නිමා කළ චාමික වීරවර්ධන ද විශේෂයෙන් මතක් කළ යුතුව ඇත.

කණ්ඩායම් තරගය

● පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පේරා එක්ස්ප්ලෝරස් කණ්ඩායම පැ.3.වි.33ත.29.1ක කාලයක් තුළ විශිෂ්ටත්වයක් පෙන්වීමට සමත් විය.

● ඇවිදිමු ලංකා කණ්ඩායම තම සහභාගිත්වය පැ.3.වි.57ත.53.3ක කාලයක් තුළ නිම කළහ.

● බ්ලැක් පැන්තර්ස් කණ්ඩායම පැ.5 වි.21 ත.43.6ක කාලයක් සටහන් කරමින් තරගය නිමා කළහ.

● මොරටුව විශ්වවිද්‍යාලයේ ස්පාටකස් කණ්ඩායම පැ.5.වි.27ත.28.8ක කාලයක් තුළ තරගය නිමාා කිරීමට සමත් වූහ.

● එම විශ්වවිද්‍යාලයේම වයිල්ඩ් වොන්ඩර්ස් කණ්ඩායම ඊට ආසන්ව පැ.5වි.30ත.47.2ක කාලයක් තුළ තරගය නිමා කිරීමට සමත් විය.

කාන්තා තරගය

● කැනඩාවෙන් පැමිණි හෙදර් ලී පැ.4 වි.25 ත.54.5ක කාලයක් තුළ තරගය නිමා කළාය.

● පවනන්දි තිරිජරාජා පැ.7වි.7ත.19.8ක කාලයක් තුළ තරගය නිමා කිරීමට සමත් වූවාය.

● පැ.8වි.07ත.19.0ක කාලයක් තුළ තරගය නිමා කිරීමට සාවිත්‍රි තක්ෂිලා දිසානායක සමත් වූවාය.

තරගකරුවන්ගේ කැපවීම සහ අධිෂ්ඨානාත්මක ඒකාග්‍රතාව පිළිබඳව සියලුම තරගකරුවන් වෙත අපගේ ප්‍රණාමය පුදකරන්නෙමු. ඔවුන් තරගය තුළට ගෙන ආ වෘත්තීයමය උසස්භාවය ලැදියාව මනාව ප්‍රදර්ශනය කෙරිණි.

අපගේ දැක්මක්ව පැවැති මෙම තරණය විශිෂ්ට වූ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා අපගේ අනුග්‍රාහකයන්, ස්වේච්ඡාවෙන් පැමිණි සහායකයන් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටින බව ද මේ හා සමානව ගවේෂණාත්මක උද්දීපනයක් සහ ප්‍රමෝදයක් ලබාදිය හැකි අපගේ අනාගත ව්‍යාපෘති ගැන සෙවිල්ලෙන් සිටීමට ඔබගේ උනන්දුව ඉහළ මට්ටමක තබා ගනිමින් පරීක්‍ෂාකාරීව සිටින ලෙසට ද ක්‍රොස්වින්ඩ්ස් ඇඩ්වෙන්චර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී දීප්ති පෙරේරා පවසයි.

තවද, විශේෂයෙන් කිවයුතු කරුණක් වනුයේ සහෝදරාත්මක මිත්‍රත්වයේ ත්‍යාගය සාමූහිකත්වයේ සහ සහයෝගිතාවයේ ප්‍රතිමූර්තියක් වූද මුලු තරග කාලය තුළදීම තිර සහයෝගිතාවක් දැක් වූ තුවාන් රොෂාන් වෙත පිරිනැමුණු බවයි. සාමූහිකත්වයේ හරය දක්වාලූ රොෂාන් තනි උත්සාහයයන ජයග්‍රහණයන් ලබාදීමට සමත් වුවද සාමූහිකත්වය තුළින් දිගු කාලින මතකයන් සහ පොදු ජයග්‍රහණයන් ලබාගත හැකි බව අපට මතක් කරදී ඇත. ඔහුගේ උද්ගාමක සහභාගිත්වය සහ කණ්ඩායම කෙරෙහිවූ බැඳීම සැමට ආදර්ශයක් විය යුතුය.

මෙම අසිරිමත් පරිසර චාරිකාව ක්‍රොස්විඩ්ස් ඇඩ්වෙන්චර්ස් මගින් සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව පාරිසරික චාරිකාවන් සඳහා ඉතා සුදුසු ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් ප්‍රචලිත කිරීම අරමුණු කොටගෙනය. අපගේ ඊළඟ චාරිකාව 2023 දෙසැම්බර් මස 28වනදා පැවැත්වීමට නියමිතය. ‘යක්ෂයාගේ පියගැට පෙළ තුළින් කඳු තරණය” වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment