ඉන්ධන සඟවාගෙන සිටි පිරවුම්හලේ කළමනාකරුට අත්හිටුවූ සිර දඬුවම් – හිමිකරුටත් දසදහසක් දඩ

87

ඩීසල් සහ පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට තිබියදී ඒවා සඟවාගෙන ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ කර පාරිභෝගික ජනතාවට ඉන්ධන අලෙවි නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා වරද පිළිගත් අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකාරවරයකුට මාස තුනක සිර දඬුවම් නියම කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඬුවම මාස තුනකට අත්හිටුවීමට නියෝග කළාය.

පිරවුම්හලේ හිමිකරුට මුදලින් රුපියල්

දසදහසක දඩයක් නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය යළි මෙවැනි වැරදි නොකරන ලෙසටත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක්‍රියාකරන බවටත් විත්තිකරුට තරයේ දැන්වූවාය.

මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඒ හේතුවෙන් මහජනතාව පත්ව සිටින දැඩි පීඩාකාරී වටපිටාව සම්බන්ධයෙන් අධිකරණයේ විශේෂ අවධානය යොමු කරමින් තමන් මෙම තීන්දුව ලබාදෙන බව ද මහෙස්ත්‍රාත්වරිය කීවාය.

මෙසේ වරද පිළිගැනීමෙන් පසුව දඬුවම් නියම වූයේ අනුරාධපුර ගුවන්තොටුපළ පාර, අංක 577, ඉන්දික ඉන්ධන පිටවුම්හලේ කළමනාකරු වන සිංහලේ විජේ කුමාර නමැත්තාටයි. සුපර් ඩීසල් ලීටර් 5813 ක් සහ පෙට්‍රල් ලීටර් 1540 ක් පාරිභෝගිකයන්ට නොදී සැඟවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment