සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාජ සත්කාරය මගින් ඇඳුම් අවශ්‍යතා බෙදා දීම අරඹයි

59

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සිය නවතම සමාජ සත්කාර වැඩසටහන යටතේ ඇඳුම් අවශ්‍යතා ඇති, එහෙත් මිලදී ගැනීමේ දුෂ්කරතා සහිත පුද්ගලයන්ට නොමිලේ ඇඳුම් බෙදා දීමේ ක‍්‍රියාදාමයක් පසුගිය දා ආරම්භ කළේය. මුලින්ම බණ්ඩාරවෙල, අනුරාධපුරය සහ මාතර පිහිටි ‘සෙලින්කෝ VIP පිහිට’ මධ්‍යස්ථාන හරහා මෙම ඇඳුම් ලබාදීමේ සද්කාර්යය සිදු කෙරේ.

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පුද්ගලික සමාගමේ සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හඳුන්වා දුන් ‘සෙලින්කෝ VIP පිහිට’ මධ්‍යස්ථාන අනෙකුත් නගරවලට ද ගෙන යෑමට මේ වනවිටත් සැලසුම් දියත් කොට ඇත. ‘සෙලින්කෝ VIP පිහිට’ මධ්‍යස්ථාන පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල, ස්ථාපිත කර ඇති අතර සතියකට දින තුනක් විවෘතව පවතී. සෑම පුද්ගලයකුටම තම ප‍්‍රසයෝජනය සඳහා ඇඳුම් දෙකක් ලබා ගැනීමට අවස්ථාව මෙහි සලසා ඇත.

මෙම සමාජ සත්කාර වැඩසටහන (CSR) පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී එල් සී සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ, වයාපෘතිය ආරම්භ කිරීම සඳහා අපේම කාර්ය මණ්ඩලයට, ඔවුන් භාවිත කළ නමුත් හොඳ තත්ත්වයේ ඇති සහ හොඳින් පිරිසිදු කළ ඇඳුම් ගෙන එන ලෙස අපි විවෘත ආරාධනයක් කළා. 3,500 කට අධික අපගේ සේවක පිරිසගේ ප‍්‍රතිචාරය ඉතා ම සතුටු දායක එකක් වුණා. මේ වැඩසටහන හරහා සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ට ම තම ජීවිතයේ අගනා කටයුත්තකට සහභාගි වීමේ සතුට ලබාගන්න පුළුවන් වුණා කියලා මට විශ්වාසයි.

advertistmentadvertistment
advertistmentadvertistment