‘වෝග් ජුවලර්ස්’ හඳුන් දිවියන් සහ වන සතුන් ආරක්‍ෂා කරගැනීමට එක්වෙයි

69

වෝග් ජුවලර්ස් සහ ඹහුන්ගේ වටිනා පාරිභෝගිකයන් සමග එක්ව ශ්‍රී ලංකාවේ වනාන්තර වල වෙසෙන හඳුන් දිවියන් සහ වන සතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා ‘වන සහ වනජීවී සංරක්‍ෂණ භාරය’ (Wilderness & wildlife Conservation trust )සමග එක්ව කටයුතු කිරීමට අත්වැල් බැඳගෙන සිටි.

වන සතුන් ආරක්‍ෂා කරගැනීම සඳහා දෙවන වරටත් පසුගිය 4 වැනිදා ‘වන සහ වනජීවී සංරක්‍ෂණ භාරය’ (Wilderness & wildlife Conservation trust ) වෙත රුපියල් 1,761,244.00 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගයත් සමග වටිනා සත්ව සම්පත සුරක්ෂා කිරීමට වැඩපිළිවෙළට අපගේ දායකත්වය තව දුරටත් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද මෙසේ සිදුකරනු ලබන පරිත්‍යාගයන් ඍජුවම ‘වන සහ වනජීවී සංරක්‍ෂණ භාරය’ (Wilderness & wildlife Conservation trust ) දිවියන් සුරැකීමේ ව්‍යාපෘතියට බැර වන අතර එමගින් දිවියන් ගහනය සුරැකීම සඳහා ධනාත්මක වෙනසක් ඇතිකිරීමට හැකිවනු ඇතැයි වෝග් ජුවලර්ස් ආයතනය විශ්වාස පළ කරයි.

වන සතුන් ආරක්‍ෂා කර ගැනීමට බෝග් ජුවලර්ස් ආයතනය “සංකේතාත්මක එකතුවක්” එළිදැක්වූයේ ශ්‍රී ලංකාවේ උරුමයන් අගය කිරීමේ අරමුණෙනි. තනි තනි වශයෙන් දෑතින්ම නිමවූ මේ අනගි එකතුව “දිවියන් සුරකිමු” යන නමින් ඉදිරිපත් වන අතර අපේම රටේ දියඇලි, මල් වර්ග, සිතුවම් සහ අත්කම්, ගෘහ නිර්මාණ ශිල්පය, ඉතිහාසය හා සංස්කෘතිය යනාදී අංශ ගණාවක ආභාෂය ලබා ගනිමින් නිමවා ඇත.

මේ සියලුම නිර්මාණ කැරට් 22 කහ, රෝස සහ සුදු රනින් නිමවා ඇති අතර පෙන්ඩන් සඳහා දියමන්ති කැට ඔබ්බවා සිත්ගන්නා අන්දමින් නිමවා ඇත. මීට අමතරව තමන්ට කැමති පරිදි මැණික් හෝ දියමන්ති ඔබ්බවා ඉතා මනරම් ආකාරයෙන් නිමාවක් කරවා ගැනීමටද හැක.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ‘වන සහ වනජීවී සංරක්‍ෂණ භාරය’ (Wilderness & wildlife Conservation trust ) ආයතනය වෙත වෝග් ජුවලර්ස් කළමණාකාර අධ්‍යක්‍ෂක අනුර හේමචන්‍ද්‍ර මහතා සහ අධ්‍යක්‍ෂක මදාරා හේමචන්ද්‍ර මහත්මිය විසින් වෛi ඇන්ඩෲ කිට්ල් මහතා සහ අංජලී වොට්සන් මහත්මිය වෙත චෙක් පත සංකේතාත්මකව පිරිනැමූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment