ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය හෙට අග්‍රශ්‍රාවක මහා විහාරයේදී

93

මරදාන මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේදී සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ අනගාරික ධර්මපාල තුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශනය හෙට (05 දා) පෙරවරු 9.30 සිට සිදු කෙරේ.

ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් මෙය සිදු කෙරේ.

ඊට සමගාමීව එම විහාර පරිශ්‍රයේ ස්ථාපනය කළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව නිරාවරණය එදින පෙරවරු 9.00 ට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment