නැවෙන් ගන්න දැවිතෙල්වලට ඩොලර් ගෙවන්න අවධානය

317

විදේශීය නැව්වලින් ශී‍්‍ර ලංකාව මිලදී ගන්නා දැවිතෙල්වලට ඩොලර්වලින් මුදල් ගෙවීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී ඇත.

දැනට ඒවා මිලදී ගන්නේ මෙරට මුදල් වලිනි.

වසරකට එවැනි නැව් මගින් දැවිතෙල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක් පමණ මිලදී ගැනෙයි.

මෙම දැවිතෙල් පිරිපහදු කර දේශීය කර්මාන්තශාලාවලට අලෙවි කරනු ලබයි.

මේ සඳහා සමාගම් 27 ක් පමණ බලපත‍්‍ර ලබාගෙන ඇතත් ඉන් පිරිපහදු කිරීමේ හැකියාව ඇත්තේ සමාගම් හතරකට පමණක් බව හෙළි වී ඇත.

සෙසු සමාගම් පිරිපහදු කිරීමකින් තොරව වැඩි මුදලකට දේශීය කර්මාන්තශාලාවලට අලෙවි කරන බව ද අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට දැවිතෙල් පිරිසිදු කිරීමේ පහසුකම් නොමැති සමාගම්වලට බලපත‍්‍ර ලබා නොදෙන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පරිසර අධිකාරියට උපදෙස් දී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment