මුදල් අච්චු ගැහිල්ල 14 වැනි දිනටත් අච්චු ගහලා…. කීර්ති තෙන්නකෝන්

293

ආණ්ඩුව විසින් දිගින් දිගටම මුදල් අච්චු ගැසීම සිදුකරන බවත් 16 දා අඛණ්ඩව 14 වැනි දිනටත් මුදල් අච්චු ගැසීම සිදුකර ඇති බවත් ඌව පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අගෝස්තු 30 වැනිදා රුපියල් ටි‍්‍රලියන 1.3177 ක් වූ අච්චු ගැසූ මුදල දින 17 කදී රුපියල් ටි‍්‍රලියන 0.2599 කින් වැඩි වී ඇතැයි ද හෙතෙම පවසයි.

ආණ්ඩුව විසින් 16 දා රුපියල් මිලියන 27.808 ක් මුද්‍රණය කර ඇති බවත් එය ඊට පෙරදින (15 දින) හා සැසඳීමේදී දෙගුණයක වැඩිවීමක් බව ද ඒ මහතා කියයි.

16 දා වනවිට අච්චු ගසන ලද මුදල්වල මුහුණත අගය රුපියල් මිලියන 1,577,610.13 (ටි‍්‍රලියන 15776* දක්වා වැඩි වූ අතර 15 වැනිදා එය රුපියල් මිලියන 1,556,004.13 (රු. ටි‍්‍රලියන 15560 ක්* විය.

16 දා වනවිට අඛණ්ඩව 14 දිනටත් මුදල් අච්චු ගැසීම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා වී ඇති බව ද ඒ මහතා අවධාණය කර සිටී.

රජය මුදල් අච්චු ගැසීම අනුමත කළ නොහැකි බැවින්, එම මුදල් වැය කර පාන්, හාල්, සීනි වැනි භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව පෙළඹුණත් බඩු මිල ඉහළ යන්නේ වටිනාකමක් නැති මුදල් අච්චු ගැසීම නිසා බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment