කථානායකට එරෙහි විශ්වාසභංගය 05 දෙයි

91

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාව අනිද්දා (05දා) පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු සූදානම් කරන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට මන්ත්‍රී අත්සන් ලබාගැනීම සිදුකර අවසන් බව කී ඒ මහතා ඒ අනුව එම යෝජනාව ලබන 5දා භාරදීමට හැකිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මාර්ගගත සුරක්‍ෂිතතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතානායකවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ගයට එරෙහිව සජබය විසින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනු ලබයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment