මිහිමිත් ප්‍රජාව සංගමයේ සුහද හමුව

674

මිහිමිත් ප්‍රජාව සංගමයේ (Little People’s Association) සුහද හමුවක් ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මියගේ සහභාගිත්වයෙන් දෙහිවල ජනජය උත්සව ශාලාවේ දී පැවැත්විණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපතිනි දර්ශනී නානායක්කාර මහත්මිය ආණ්ඩුවෙන් අපි කිසි දෙයක් ඉල්ලන්නේ නෑ. ඒත් විශාල ලෙස සමාජ අසාධාරණකම්වලට අපේ අය ලක්වෙනවා. අනිත් අයට වගේම අපිටත් ඕන වැඩක් කරන්න පුළුවන්. අපිටත් අතපය හතර වෙහෙසලා වැඩ කරන්න පුළුවන්. වෙනසක් තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු වගේ අපේ අය උස මහත නැති වුණාට ඕනම රැකියාවක් අපිට කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ අයව සමාජය විහිළුවට ලක් කරනවා. ඒක අපිට හරිම වේදනාවක්. එහෙම කරන්න එපා. ඔයගොල්ලන්ට වගේම දෙමවුපියන් අපිටත් ඉන්නවා. ආණ්ඩුවෙන් අපි විශේෂ දෙයක් ඉල්ලන්නේ නැහැ. මේ අසහනකාරී තත්ත්වයෙන් මිදෙන්න හැම නිතරම සමාජ අසාධාරණයට ලක්වෙන අපි ගැන රජයේ අවධානය යොමු කරල සහනයක් ලබා දෙන්න. ඒ සමගම අපේ ප්‍රජාවේ රට පුරා විසිර සිටින සියලු දෙනාට අප සංගමය හා එක්වන ලෙස ද ආරාධනා කර සිටියා.

මෙම සුහද හමුව සඳහා ලංකාව පුරා සිටින මිහිමිත් ප්‍රජාවේ සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටි අතර ඔවුන් විනෝදයෙන් සතුටින් කාලය ගත කරනු දක්නට ලැබිණ.
පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment