ලබන සතියේ සිට ලාෆ් ගෑස් දෙනවා – සභාපති කියයි

478

ලබන සතියේ සිට සිය පාරිභෝගිකයන්ට ගෑස් නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය ලාෆ් ගෑස් නිකුත් කිරීමේ ප්‍රමාදයක් තිබුණත් රෝහල්, කර්මාන්ත ශාලා සහ හෝටල් සඳහා සිය සමාගම දෛනිකව ගෑස් සපයමින් තිබෙන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා “දිවයින”ට ඊයේ (24 දා) කියා සිටියේය. ලබන සතිය වනවිට ගෑස් අඩංගු නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බව ද එය ලබා ගැනීමට මහ බැංකුව විසින් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සිය සමාගමට ලබා දෙනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බව ද හෙතෙම සඳහන් කළේය.

රජයේ වැරදි ආර්ථික කළමනාකරණය සහ අදූරදර්ශී ක්‍රියා නිසා මෙරට ජනතාවට අපහසුතා විඳින්න සිදුවෙලා. වසර 20 ක් ජනතාවට ගෑස් සැපයූ සමාගමක් විදිහට අපට ඉතාමත් කනගාටුයි. මහ බැංකුව අනෙක් සමාගම්වලට වගේ අපටත් ඩොලර් ලබා දෙමින් ණයවර ලිපි නිකුත් කරනවා නම් ජනතාවට අපේ සේවය ලබා දිය හැකියි. ලබන සතියෙන් පසු මේ තත්ත්වය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වනවා යැයි ද වෑගපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment