ඔන්ලයින් පනත ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

368

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවද ඔහු පැවසීය.අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනත සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.”මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් 40කට වැඩි ප්‍රමාණයක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් සඳහන් කරපු සියලු කරුණු සැලකිල්ලට භාජනය කරලා අවසානයේදී ඒවා සංශෝධන හදලා නීතිපතිවරයාගෙන් සහතිකයක් අරගෙන තමයි අපි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන්නේ. අධිකරණයට තිබෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක. මේ පනතේ සංශෝධනය වියයුතු තැනක් තියෙනවා නම් ඒකට බාධාවක් නැහැ. ඒවා සංශෝධනය කරන්න පුළුවන්.”මේ නීතියේ අඩුපාඩු තියෙනවා. අපිත් සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා විපක්ෂයත් යෝජනා කරන්න. අපි සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment