පේරාදෙණියේ නවකයන්ට පිළුණු බත් කැවූ ජ්‍යෙෂ්ඨයන් 11කගේ පන්ති තහනම්

534

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිරිසකට පිළුණු බත් කවා හිංසනයට ලක්කළ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කර ඇත.

පන්ති තහනමට ලක්වූ සිසුන්, පීඨයට ඇතුළු වූ නවක සිසුන් කණ්ඩායමක් පසුගිය 5 වැනිදා නේවාසිකාගාරයකට රැගෙන ගොස් ඔවුන්ට නරක් වූ හා පිළුණු වූ බත් කෑමට දී පරුෂ වචනයෙන් බැණවැදී පහරදී ඇති බවට චෝදනා එල්ලවී ඇත.

මෙම පන්ති තහනම තාවකාලිකව පෙරේදා (10 දා) සිට ක්‍රියාත්මක කළ බවත්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කළේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment