වතුර බිලටත් සූත්‍රයක් හදනවා අවසන් කෙටුම්පත දෙසැම්බරයේ – ඇමැති ජීවන් තොණ්ඩමන්

37

ජල ගාස්තු සඳහා සූත්‍රයක් අවශ්‍ය බවත් එම සූත්‍රය සැකසීම පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් තිබෙන බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පෙරේදා (27 දා) සඳහන් කළේය.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ තිරසරභාවය පවත්වාගෙන යෑම සඳහා එම කටයුතු සිදු කරන බව කී හෙතෙම ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු අදහසක් නොමැති බව පැවසීය.

ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා, යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් එමඟින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම සහතික කිරීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment