ජීව බලාගාරය අද අජීවී

104


ශ්‍රී ලංකාව තුළ වාණිජ මට්ටමේ ඉදි වූ ප්‍රථම ඩෙන්ඩ්‍රෝ පුනර්ජනනීය ජීවබල විදුලි බලාගාරය අදවනවිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසා දමා තිබේ.
මෙම ග්ලිරීසීඩීයා ඩෙන්ඩ්‍රෝ ජීව විදුලි බලාගාරය තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 546 කට්ටමුරිච්චාන ග්‍රාමනිලධාරී වසමේ කට්ටමුරිච්චාන ග්‍රාමයේ පිහිටා ඇත.
වර්තමානයේ විදුලි අර්බුදය පිළිබඳ මීට වසර 13කට පෙර දැක ඇරඹි මෙම ව්‍යාපෘතිය, විදුලිබලය උත්පාදනය මූලික අරමුණ වුවත් ඒ වටා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවන්නට වක්‍ර ප්‍රතිලාභ රැසක් එමඟින් උදා වී තිබූ බව ද ජනතාවෝ පවසති.
2010 වර්ෂයේ එවකට උතුරු මැද පළාත් සභාව, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ මානව හා ප්‍රජා සංවර්ධන තරුණ පදනම සමඟ එක්ව ඉන්දියානු සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවිණි. ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ නව ප්‍රවේශයකට අවශ්‍ය පු`එල් කෘෂිකාර්මික සංවර්ධනයක් පදනම් කරගනිමින් ග්‍රාමීය කර්මාන්තයක් ලෙස මෙම ග්ලිරීසීඩීයා ජීවබල බලශක්ති ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment