රට විනාශයි බේරාගනිමු… සජබ රැලිය අනිද්දා

154

‘රට විනාශයි බේරා ගනිමු’ යන මැයෙන් අනිද්දා (15 දා) සමගි ජනබලවේගය විසින් කොළඹදී ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීමට පියවරගෙන ඇත.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ රටේ මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් විසඳීමට ආණ්ඩුවට නොහැකිවීමට එරෙහිව මෙම විරෝධතා රැළිය පැවැත්වේ.

මෙහිදී විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අදහස් දැක්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම රැළිය එදින සවස පවත්වන අතර පවත්වන ස්ථානය පිළිබඳව තවම අවසන් තීරණයකට එළැඹ නැතැයි සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment