ලක්ෂ 20කට වැටුප් වැඩිවීම්

1029

රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.

රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් වැඩිවීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්‍ෂ 10 කට සහන සැලසීමට ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද වාර්තා වේ.

වැඩිවන රාජ්‍ය සේවක වැටුප අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි ද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ අතර රාජ්‍ය මූල්‍ය අංශය තවදුරටත් බරපතළ සංකීර්ණ ගැටලුවලට මුහුණදෙමින් සිටින බැවින් වියදම් කාර්යක්‍ෂමව කළමනාකරණය කරන අතරම රාජ්‍ය බදු ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හෙට (13දා) ඉදිරිපත් වන අය වැයෙන් ප්‍රමුඛ අවධානය යොමු කර ඇත. මේ අනුව වැට් බදු වැඩකිරීම ඇතුළු නව බදු ආදායම් යෝජනා කිහිපයක් අය වැයෙන් ඉදිරිපත්වන අතර දැනට ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට ද අය වැයෙන් අවධානය යොමු කර ඇත. වර්ෂ තුනක (2024 – 2026) යන වර්ෂ තුනක මැදිකාලීන රාමුවක් තුළ අයවැය සැකසෙන අතර ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා සැලසුම් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment