දුම්රිය ගාස්තු වෙනස් නොවේ

155

ඉන්ධන මිල වැඩි වුවද දුම්රිය ගාස්තු වැඩි කිරීමට මෙතෙක් තීරණය කර නැතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

මහජන සේවා සැපයීමේ ආයතනයක් ලෙස දුම්රිය සේවාව තවදුරටත් පවතින මිල ගණන් යටතේ මගී ප‍්‍රවාහන කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් නුදුරු දිනක ගාස්තු වැඩි නොකළ ද අනාගතයේදී දුම්රිය ගාස්තු වැඩිකිරීමට සිදුවනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment