ගෝල් ෆේස් බණ්ඩාරනායක පිළිරුවට ළංවීම වළක්වමින් උසාවි නියෝගයක්

121

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20 දා) නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එබැවින් අදාළ පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් නියෝගය නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment