කාලතුවක්කු හමුදාව දාලා එන්නත් දුන්නේ නෑ – ආරක්‍ෂක ලේකම් කියයි

597

වසංගතයක් හේතුවෙන් ජනතාව මියයෑම පවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් එවන් මොහොතක අවශ්‍ය සේවාවන් සඳහා හමුදාව යෙදවීම රජයේ වගකීමක් බවත් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ මෙසේ ද ප‍්‍රකාශ කළේය.

”අපේ සමාජයේ ඉන්නවා මොන තරම් හොඳ දෙයක් කළත් ඒක වැරදි විදියට දකින පුද්ගලයෝ. ඉතින් ඒ අයගෙන් විවේචන ආවා මේ එන්නත්කරණය කරන්න දන්නේ නැති අය එන්නත්කරණය කරනවා කියලා. මම මෙතන දී රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට, හමුදාව භාරව ඉන්න පුද්ගලයා විදියට වගකීමෙන් යුතුව කියනවා අපි එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුව පාවිච්චි කළේ නෑ. අපි මේ සඳහා යෙදෙව්වේ වෛද්‍ය බළකායේ ඉතාමත් පළපුරුදු අය. ඒ අය වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ අධ්‍යාපනයක් ලබලා, ඒ වගේම ලොකු පළපුරුද්දක් ලබපු අය. ඒ අයගෙන් එන්නත් ලබාගන්න කිසිදු බයක් ඇති වෙන්න දෙයක් නෑ, රටට එන්නත් ගෙනල්ලා එන්නත් කර ගන්න බැරිනම්, රටේ ජනතාව වසංගතයට ගොදුරු වෙනවා නම් හමුදාවෙන් ඒක කරන්න පුළුවන් නම් මොකද්ද තියෙන වැරැද්ද?.”

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment