ඡන්ද හබක් ගැසට්ටුව එයි

96


සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබේ.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකෙරුණු බවත් මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බවට මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ බවත්ය,

කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින දක්වා කල් දමමින් තේරීම් භාර නිලධාරීන් විසින් මාර්තු මස 8 වනදා ගැසට් නිවේදන නිකුත් කර තිබුණි.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් එදින ද ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයේ දැක්වෙයිග

අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment