වී අලෙවි මණ්ඩල වී මිලදී ගැනීම අරඹයි

223


වී අලෙවි මණ්ඩලය පසුගිය දින තුන තුළ වී කිලෝ ග්‍රෑම් 844,960ක් හෙවත් වී මෙට්‍රික් ටොන් 844ක් මිල දී ගෙන ඇත.

ගොවි ජනතාවගේ වී අවම මිලක් යටතේ මිල දී ගැනීමට පියවර ගත් අතර ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වශයෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ලබන බව වී මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතා පවසයි.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව රජය විසින් වී මිල දී ගැනීමේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 2000ක් ලබා දීමට එකඟත්වය පළ කළේය.
දැනට වී අස්වනු නෙළා අවසන් වූ හා දැනට අස්වනු නෙළමින් පවතින දිස්ත්‍රික්කවල වී ගබඩා 73ක් වී මිල දී ගැනීමට අද දිනත් විවෘතව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment