අලිසබි‍්‍ර වාර්තාවක් තබයි : පැය 24 මුදල් ඇමැති  

223

මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රට පුරා මතුවී තිබෙන ජනතා විරෝධතා හමුවේ ඉකුත් 03 වැනිදා (ඉරිදා) ඇමැති මණ්ඩලය ඉවත් වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පෙරේදා (04 වැනිදා) නැවතත් අලි සබ්රි මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත් කරනු ලැබීය.

ඒ සමග තවත් ඇමැතිවරුන් තිදෙනකු පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. මුදල් ඇමැතිවරයා ලෙස එසේ නව ධුරයේ දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැය විසිහතරක් ඉක්ම යෑමට මත්තෙන් මෙසේ නව ධුරයෙන් ඉල්ලා අස්විය. මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලි සබ්රි මහතා ස`දහන් කර ඇත්තේ අන්තර්වාර පාලනයක් ඇති කිරීමට අවස්ථාව ලබා දීම සඳහා තමා එම තීරණය ගත් බවය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment