සජබයෙන් කැපුණු වඩිවෙල්ට ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

222

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත්කර තිබේ.

ඒ අනුව උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම, අධීක්‍ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කයන්හි පවතින ගැටලු සොයා බැලීම ඒ මහතාට පැවරී ඇති වගකීම් වේ.

වඩිවෙල් සුරේෂ් මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සමගි ජනබල පක්‍ෂයෙනි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා එම පක්‍ෂයේ පස්සර ආසන සංවිධායකවරයාද විය.

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂව ඡන්දය ලබාදීම නිසා පක්‍ෂයේ තීරණවලට පටහැනිව ක්‍රියාකිරීමේ චෝදනා මත ඒ මහතා සජබ පස්සර ආසන සංවිධායක ධුරයෙන් පසුගියදා ඉවත්කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment