පලස්තීනයට සාමය දෙන්න; සාටකයක් පැළඳගෙන සජිත් පාර්ලිමේන්තු එයි

132

ඊශ්‍රායල – පලස්තීන ගැටුමෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඊයේ (07 දා) සාටකයක් පැළඳ ගෙන පැමිණියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක කියා සිටියේ එම ගැටුමින් මිය යන මව්වරුන්, දරුවන් ඇතුළු සිවිල් ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් එසේ සාටකයක් පැළඳි බවයි. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

එසේම මෙවැනි සාටකයක් පැළැඳියේ පලස්තීන ජනතාව වෙනුවෙන් පමණක් නොව ලෝක සාමය වෙනුවෙන් බවත් කුමන ජන කොට්ඨාසයක් ජාතිකවාදය ආගම්වාදය ක්‍රියාත්මක කළත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

මීට පෙර දිනයක දී විපක්ෂයේ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ද ඒ හා සමාන සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment