69ක් නෑ දැන් 34 ½යි

2458

ශ්‍රීලනිපයට එජාපයට 1%යි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වනවිට හැටනව ලක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය නැති බවත් ඇත්තේ ඉන් අඩක පමණ ඡන්ද ප්‍රමාණයක් බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.

පසුගිය කාලයේ පක්‍ෂය බිමටම කඩාවැටුණු බවත් නැවත පක්‍ෂය සංවිධානය කරගෙන අළුමතින් නැඟී සිටින පක්‍ෂයක් ලෙස ඉදිරියට යෑම සඳහා පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (7 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

මේ වනවිට සෑම පක්‍ෂයකම ඡන්ද ප්‍රතිශතය වෙනස්වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට එකකටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් තියෙන්නේ.

ලබන වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. එය මගහරින්න බැහැ. මහ මැතිවරණයත් පැවැත්වීමට නිමිතයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන ආකාරය ගැන පක්‍ෂයක් ලෙස තීරණයක් ගනිවී.

මෙවර අයවැයෙන් ආර්ථිකය නඟාසිටුවීමට යම් උත්සාහයක් ගෙන ඇතත් පවතින අයවැය පරතරයේ හිඟය විශාල නිසා දැඩි දුෂ්කරතා පවතිනවා. රටේ ආර්ථිකය ගොඩගන්න නම් කුඩා ව්‍යාපාරිකයන් නඟාසිටුවිය යුතුයි. නමුත් ඒ සඳහා අයවැය මගින් මුදල් වෙන්කිරීමේ හැකියාවක් නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment