ලෝක ස්ක්‍රැබල් ශූරයෝ

286

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් (crabble) තරගාවලියේ ලෝකයේ දක්ෂතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව (Best Team) පත් කරමින්, එම තරගාවලියේ ශූරතාව සහ අනු ශූරතාව දිනා ගත් ක්‍රීඩකයන් දෙදෙනා පසුගියදා දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 12/01 දින සිට 12/03 දක්වා තායිලන්තයේ ට්‍රැඩ් නුවර ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී මෙම තරගාවලියේදී ලෝක ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි හිවින් දිල්මිත් සහ අනු ශූරතාව බත්තරමුල්ල ගේට්වේ පාසලේ අදීශ දිසානායක දිනා ගැනීමට සමත් වූහ. තුන් වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ කවිදු මළවරආරච්චි ක්‍රීඩකයා විසින් දිනා ගෙන තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment