අන්තර් සමාජ රග්බි දෙවන සතියේ තරග අද ඇරැඹේ

77

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් සංවිධානය කරන ලද “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන – 2023/2024” අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන සතියේ තරග අද (08) හෙට (09) සහ අනිද්දා (10) පැවැත්වේ.

මෙවර තරගාවලියේ සමාරම්භය පසුගිය සති අන්තයේ සිදු කෙරුණු අතර එහිදී ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය, සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය සහ හැව්ලොක්ස් සමාජය සමත් විය.

පසුගිය සතියේ අපරාජිත බව ආරක්ෂා කර ගත් පොලිස් සමාජය සහ සී. ආර්. සමාජය අතර තරගය හෙට ප.ව.03.30 ට බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ දී ආරම්භ කෙරේ.

ගුවන් හමුදා පිල සහ නාවික හමුදා පිල අතර රත්මලානේ දී අද පැවැත්වෙන තරගයෙන් මෙවර සති අන්තයේ තරග ආරම්භ වේ.

ඉකුත් වර ලීග් ශූරතාවට හිමිකම් කියන මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව ශ්‍රී ලංකා යුද හමුදා පිල සෙනසුරාදා (09දා) පනාගොඩ දී තරඟ බිමට එක්වීමට නියමිතය.

සිකුරාදා (08) ප.ව. 03.30

★ ගුවන් හමුදා පිල සහ නාවික හමුදා පිල අතර රත්මලානේ දී

සෙනසුරාදා (09) ප.ව. 03.30

★ පොලිස් පිල සහ සී. ආර් ඇන්ඩ් එෆ්. සී. පිල අතර බම්බලපිටියේ දී

සෙනසුරාදා (09) ප.ව. 03.30

★ මහනුවර පිල සහ යුද හමුදා පිල අතර පනාගොඩ දී

ඉරිදා (10) ප.ව. 06.15

★ හැව්ලොක්ස් පිල සහ සී. එච්. ඇන්ඩ් එෆ්. සී. පිල අතර හැව්ලොක්ස් පිටියේ දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment