වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනවසර ඉදිකිරීම් කඩන ඕඩර් කර ඇරලා

186

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් වසර 10ක කාලයේ දී (2012-/2022) අනවසර ඉදිකිරීම් 2,228ක් කඩා ඉවත් කිරීමට නියෝග කළද ඉන් අනවසර ඉදිකිරීම් 2069ක් ඉවත් කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී දත්තයට අනුව මෙම කාලයේ දී ඉවත් කර ඇත්තේ අනවසර ඉදිකිරීම් 159කි. එමෙන්ම 2021 – 2022 වර්ෂයන්හි දිස්ත්‍රික්ක 13ක ක්‍රියාමාර්ග ගැනීමට හඳුනා ගෙන තිබූ අනවසර ඉදිකිරීම් සංඛ්‍යාව 861කි. ඉන් අනවසර ඉදිකිරීම් 225ක් සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2015 වර්ෂයේ සිට 2022 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේ දී අනවසර ඉදිකරීම් ඉවත් කිරීම සඳහා වැය කොට තිබූ මුදල රුපියල් 3,410,551කි. ඉන් රුපියල් 2,892,165ක් මුදලක් අදාළ පාර්ශ්වයන්ගෙන් අය කර ගෙන නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment