ජෙරොම් 27 දා තෙක් යළිත් රිමාන්ඩ්

52

බෞද්ධ ධර්මය ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන පරිදි ප්‍රසිද්ධ දේශනයකදී කරුණු දැක්වූයේ යැයි චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

එම සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment