අරගලයේ හෂාන්ගේ පෙත්සමට අවසර

122

තමා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවා තබා ගැනීමට ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ රැඳවුම් නියෝගය නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා අරගලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත ගුණතිලක මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල එම අවසරය ලබා දුන්නේය.

පෙත්සම්කාර පාර්ශ්වය සඳහන් කරන පරිදි එකී ක්‍රියා කලාපය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති 12 (1) 13 (1) හා 14 වගන්ති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මට පෙනී යන බවට ගිමනය කළ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment