නුවරඑළිය ටි‍්‍රප් ගිය අය ඉන්ධන නැතුව හිරවෙති

1069

ඞීසල් ලබාගැනීම සඳහා නුවරඑළියේ ඉන්ධනහල් අවට කිලෝමීටර් දෙකක පමණ දුරට වාහන පෝලිම් දක්නට ලැබුණි.

ඔවුන් සියලූදෙනාටම ප‍්‍රමාණවත් පරිදි ඉන්ධන හලේ ඞීසල් නොතිබුණු අතර මෙහිදී වාහන සිය ගණනකට ඞීසල් නොලැබුණි.

නුවරඑළිය ටි‍්‍රප් ගිය අය ඉන්ධන නැතුව හිරවෙති

මෙම හේතුව නිසා ඉන්ධන හලේ සේවකයන් හා රියැදුරන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගැනුණි.

නුවරඑළිය ප‍්‍රදේශයට පිටතින් දේශීය සංචාරකයන් රැගෙන පැමිණි වාහන ද ඞීසල් පෝලිම්වල තිබූ අතර ඔවුන්ට තම ගම් පෙදෙස්වලට යෑම සඳහා ප‍්‍රමාණවත් පරිදි වාහනවල ඞීසල් නොමැති බව ඔවුහු ප‍්‍රකාශ කළහ.

ඇතැම් අයට ඊයේ දිනයේදී ද ඞීසල් ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව තමන්ට විශාල මුදලක් ගෙවා අද දිනයේදී ද නුවරඑළියේ රැඳී සිටීමට සිදුවන බව එම ජනතාව පැවසූහ.

ඞීසල් නොමැතිවීම නිසා එළවළු ප‍්‍රවාහනයට බාධා මතු වී තිබුණි.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment