අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට දුන් ඉන්දීය ණය පහසුකමේ කාලය වසරකින් දික් කරයි

95

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව ඉන්දීය රාජ්‍ය බැංකුව මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා 2022 මාර්තු මාසයේ ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමේ කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කර ඇත. ඒ අනුව 2024 මාර්තු මාසය දක්වා මෙම ණය පහසුකම භාවිත කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හිමිවේ.

සංශෝධන ගිවිසුම ඊයේ (30 දා) මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඉදිරියේදී අත්සන් තැබිණ. ඉන්දීය රාජ්‍ය බැංකුවේ නිලධාරීහු මෙම අවස්ථාවට ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූහ.

පසුගිය වසරේ සිට මෙම ණය පහසුකම ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ඉන්ධන, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සහ කාර්මික අමුද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සඳහා භාවිත කෙරිණි. ඉන්දීය රජය පසුගිය වසරේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තියට අනුව විවිධ ණය පහසුකම් සහ විනිමය සහයෝග හරහා ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ විවිධාකාර සහයෝග ලබා දී ඇත.

උපාලි ද සේරම්, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment