ජනපතිට දේශපාලන සුරක්ෂිතභාවය සහ පන්නර ලබාදෙනවා – එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්

28

රටේ ප්‍රශ්න විසඳන්න පක්ෂ භේදයකින් තොරව එක්වන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය විපක්ෂය පිළිනොගත් නිසා රට ගොඩනගන වැඩපිළිවෙළට ජනපතිවරයාට දේශපාලන සුරක්ෂිතභාවය සහ පන්නර ලබාදෙන්න එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේබව පැවසූවේ ඊයේ (05දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒමහතා මෙසේද කීවේය.

රට බින්දුවට වැටිලා ඩොලර් පන්සීයක් සංචිත හොයාගන්න බැරි කාලයක් තමයි අපි පසු කරමින් හිටියේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඩොලර් බිලියන පහක් හයක් දක්වා මේ රටේ සංචිත වර්ධනය කර ගනිමින් රට ක්‍රමානුකූලව ඉදිරියට අරගෙන යනවා. දැන් විදුලි බිල අඩු කරමින් ඉදිරි කාලයේදී ඉන්ධන මිලත් අඩු කරමින් මිනිසුන්ට සහන ලබා දෙමින් යනවා. ඒ නිසා අපිට යුතුකමක් තිබෙනවා ඒ යන ගමනට ජනතාව විදිහට සහාය ලබා දෙන්නට සහ දේශපාලන සුරක්ෂිතභාවය මේ රටේ ජනතාව විදිහට ලබාදිය යුතුව තිබෙනවා.

මේ සැබෑවට අපි මුහුණ දිය යුතු වෙනවා. ඒ නිසා තමයි අපි එළඹෙන මාර්තු 10දා කුලියාපිටියේදී එතුමා ප්‍රථමයෙන් ජනතාව අමතන ජන රැළියේ තේමාව විදියට ‘සැබෑව’ කියන තේමාව අපි තෝරා ගත්තේ. යථාර්ථයට මුහුණ නොදී මගහැර ගියොත් මේ රටේ මිනිස්සුන්ට අනාගතයක් නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැතුව වෙන කෙනෙක් ඉන්නව නම් ඔබ තමුන්නාන්සේලාට නම් කරලා කියන්නට පුළුවන්. මේ රටේ තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ආර්ථික ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්න විසඳන්න මේ රටේ ඕන තරම් නායකයෝ ඉන්නවා. නමුත් ආර්ථික ප්‍රශ්න විසඳන්නේ එකම මිනිහෙක් විතරයි. ඒ රනිල් වික්‍රමසිංහ විතරයි කියන එක අපි හැමදෙනාම අද වෙනකොට දන්නවා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා. නමුත් එතුමා නිර්පාක්ෂික ජනාධිපතිවරයා විදියට තමයි කටයුතු කරමින් යන්නේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment