තඹුත්තේගම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 4ක් ඇතුළු 8කට කොවිඩ්

89

කොවිඩ් ලක්‍ෂණ තිබියදීත් වැඩිහිටියන් වගකීමක් නැතිව හැසිරිලා

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පවතින කොවිඞ් අවදානමත් සමග මේ වනවිට තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්ය මණ්ඩලයේ සේවය කරන විසිදෙනෙකුගෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හතරදෙනකු ඇතුළුව අටදෙනෙකුටම කොවිඞ් ආසාදනය වී ඇති බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මිලාන් යහතුගොඩ මහතා පැවසීය.

මෙම තත්ත්වය නිසා මේ වන විට එම කාර්යාලයෙන් ජනතාවට ලබා දෙන සේවාවන්ට ද මහත් තර්ජනයක් වී ඇති බවත් කෙසේ හෝ මේ වන විට අත්‍යවශ්‍ය කටයුතුවල නිරතවෙමින් ජනතාවට සේවය සපයන බව කී සෞඛ්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

සමාජයේ සිටින ඇතැම් වැඩිහිටියන් තමන්ට කොවිඞ් ලක්ෂණ ඇති වුවත් එය රහසක් සේ සඟවාගෙන තමන්ගේ දෛනික කටයුතු කර ගැනීමට සමාජයේ තම සිතැඟි පරිදි සැරිසැරීමෙන් මෙම කෝවිඞ් ව්‍යාප්තිය උග‍්‍ර අතට හැරීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා. එබැවින් රටේ අහිංසක ළමා පරපුර ගැන හිතලවත් තමන්ට තමන් අවංක වී එවැනි සංකූලතා පවතින අය ස්වයං නිරෝධායනයකට තමන් විසින්ම ලක්වනවා නම් පමණක් රටේ අනාගතය සුරක්ෂිත වේවි යැයි ද පැවසීය.

මකුලෑව එල්.ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment