සුදු කළු සහ අළු මිනිසුන්ගේ කතන්දරය ‘තුන්පනේ’

579

තුන්පනේ කිව්ව ගමන් හිතට එන්නෙ පිටිසරබද පරිසරයක්. දෙයක් තේරුම් බේරුම් කරගන්න බැරි මිනිහෙක් එක්ක කතා කරද්දි තුන්පනේද කියල අහන්නෙ ඒ මනුස්සයා නෝන්ජල් කරන්න. පාරිභාෂිත විදිහට කියනවනම් ගොඬේ දර්ශනයක් තමයි තුන්පනේ කිව්ව ගමන් දැනෙන්නෙ. එ්ක එහෙම වුණාට සුපුන් රත්නායක පිටපත ලියා නිර්මාණ අධ්‍යක්ෂණය කළ තුන්පනේ ටෙලි නාට්‍ය ඒ නමින් නම් වෙලා තියෙන්නෙ පණ තුනක් කියන අර්ථයත් එක්ක. මේ පණ ඇති චරිත තුන පිළිවෙළට පෙළගැස්සුවොත් පළවෙනියා විකුම්සිරි, දෙවැනියා ඉලක්ශ, තුන්වෙනියා සුසන්ත.

සුදු කළු සහ අළු මිනිසුන්ගේ කතන්දරය 'තුන්පනේ'
සුදු කළු සහ අළු මිනිසුන්ගේ කතන්දරය 'තුන්පනේ'
සුදු කළු සහ අළු මිනිසුන්ගේ කතන්දරය 'තුන්පනේ'

තුන්පනේ කියන්නෙ මොන වගේ කතාවක්ද කියල ඇහුවොත් නිර්මාණකරුගේ පිළිතුර වෙන්නෙ ඒක ෆැන්ටසියත් රියැලිටියත් අතර ගෙවන තාරුණ්‍යයේ කැඩපතක්. මේ ෆැන්ටසියත් රියැලිටියත් අතර ගෙවන තාරුණ්‍යයේ කැඩපත රූපණය කරන කලා ශිල්පීන් වෙන්නෙ, සමනලී ෆොන්සේකා, ශාම් ප‍්‍රනාන්දු, දසුන් පතිරණ, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, නදී කම්මැලල්වීර, සංජය මුරමුදලි, තරංග දිසානායක, මධුර ප‍්‍රභාස්වර, දීපානි සිල්වා, සූර්යා දයාරුවන්, රම්‍යා වනිගසේකර, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, සම්පත් ජයවීර ඇතුළු පිරිවර.

advertistmentadvertistment
advertistmentadvertistment