යාපනයේ ආනේකෝට්ටෙයි පාලමෙන් විශාල කොටසක් කැඞී යෑමෙන් ජනතාව අපහසුතාවට

78

පසු ගිය දිනවල අධික වර්ෂාවත් සමගම යාපනයේ ආනේකෝට්ටෙයි ප‍්‍රධාන පාලමෙන් විශාල කොටසක් රාත‍්‍රී කාලයේ දී කඩා ගෙන යෑමත් සමග ම එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධාවන් එල්ල වී තිබේ.

පාලම කැඞී යෑම නිසා ආනේකෝට්ටෙයි ප‍්‍රදේශයේ සිටින පවුල් 7000 ක් පමණ දැඩි අපහසුතාවකට පත්ව සිටිති. මෙම පාලමේ විශාල කොටසක් කැඞී යෑමත් සමගම පාලම මතින් වාහන ගමනාගමනය සම්පූර්ණයෙනම නතර කොට ඇති අතර නිලධාරීන් පිරිසක් රාත‍්‍රියේම මෙම ස්ථානයට ගොස් පාලම අලූත්වැඩියා කිරීමට ඇති හැකියාව පිළිබඳ කරුණු අධ්‍යයනයකොට තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment