අරගලකරුවන්ට පහරදීම නින්දිතයි – මානව හිමිකම් කොමිසම

154

ගාලු මුවදොර අරගලකරුවන්ට ආරක්‍ෂක අංශ විසින් එල්ල කළ ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළාදකින බවත් ඒ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටී.

විධායකය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ග මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවද එම කොමිසම කියයි.

අරගලකරුවන් අතර අපරාධකරුවන් සිටීනම් ඔවුන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම කොමිසම කියයි. ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රාජ්‍ය පාලනය තුළ ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයක් යළි කිසිදා නොගන්නා බවට සහතික කරන ලෙසද මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දී තිබේ. සිවිල් වැසියන්ට හමුදාව කරන පහරදීම් හෙළාදකින බවද එම කොමිසම කියයි.

නීතියේ ආදිපත්‍ය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment