ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් නවලියට සම්මානයක්

39

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) වාර්ෂික සැසිවාරය මෙවර යාපනය වෛද්‍ය සංගමය (JMA) සමග එක් වී යාපනය වෛද්‍ය පීඨයේ ශ්‍රවණාගාරයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

මෙහිදී පසුගිය වසරේ ජූනි මාසයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා සිංහල, ඉංග්‍රීසි, දමිළ යන මුද්‍රිත මාධ්‍ය තුනෙන් වෛද්‍ය ලිපි ලියූ මාධ්‍යවේදීන් ඇගයීමක්ද සිදුවිය.

ඒ අතරින් සිංහල මාධ්‍යයට එක් සම්මානයක් හිමි වූ අතර එය හිමිකරගත්තේ නවලිය පුවත්පතේ වෛද්‍ය ලිපි සම්පාදනය වෙනුවෙන් නවලිය කර්තෘ හරින්දී ලියනගේයි.

සම්මාන ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න සහ යාපනය වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය ක්‍රිශාන්ති රාජසූරිය යන අය එකතු විය.

advertistmentadvertistment
advertistmentadvertistment