පරම්පරා 4 ක් කොළඹ නිදහසේ ජීවත්වන ගජේන්ද්‍ර කුමාර් උතුරේ ජාතිවාදය වපුරනවා

146

උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පවුලේ පරම්පරා හතරක් සිංහල ජනතාවගේ කිසිදු බාධා කිරීමකට ලක්නොවී කොළඹ ජීවත්වන නමුදු පොන්නම්බලම් මන්ත්‍රීවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඔහුට දකුණේ සිංහල ජනතාව ලබාදී ඇති නිදහස උතුරේදී සිංහල ජනතාවට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පෙරේදා (26 දා) පැවසීය.

දකුණේ සහජීවනය උතුරටත් ලබාදෙනු! පොන්නම්බලම්ගේ ජාතිවාදය හෙළා දකිමු! යන තේමාව යටතේ පිවිතුරු හෙළ උරුමය විසින් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයේදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.

ගජේන්ද්‍ර පොන්නම්බලම් යාපනයේ තිස්ස විහාරයේ වස් පිංකමට ඇවිල්ලා බාධා කරනවා. මුලතිව් කුරුන්දි විහාරයේ පිරිත් පිංකම කරද්දී එතෙන්ට ඇවිල්ල බාධා කරනවා. අපි මෙතෙන්ට ඇවිල්ලා පොන්නම්බලන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. ඔබ දකුණේ විඳින නිදහස උතුරේදී අපට විඳින්න ඉඩ දෙන්න.

කොළඹ නගරය ගත්තොත් 1983 වෙනකම් බහුතර ජනගහනය සිංහල. එය 25% දක්වා අඩුවෙලා තියෙනවා. ජූලි කලබලවලින් පස්සේ කොළඹට ආපු සුළු ජාතිකයන්ව පළවාහරින්න සිංහලයන් කටයුතු කළේ නැහැ අගනගරය ඔවුන්ට අහිමි වුණා කියලා. ඔවුන්ව සාදරයෙන් පිළිඅරගෙන අගනගරය ඔවුන්ට දීලා අසල තියෙන ප්‍රදේශවලට ගියා. ඒ වගේම අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ මුලතිව්වලට ගියාම වව්නියාවලට ගියාම උතුරේ ඉන්න අහිංසක ජනතාව අප ඉතා ආදරෙන් පිළිගත්තා. අපිට සංග්‍රහ කළා. නමුත් මේ උතුරේ ඉන්න ජාත්‍යන්තරයෙන් ඩොලර් පවුම් ලබාගන්න අන්තවාදී ජාතිවාදී දේශපාලකයන් අතලොස්ස උතුරේත් දකුණේත් ජාතිවාදී විෂ බීජය වපුරමින් යළිත් වතාවක් මේ රටට බෙදුම්වාදයේ ත්‍රස්තවාදයේ රස්නය ගේන්න වෙර දරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment