රාජ්‍ය සේවකයෝ තම රාජකාරිය හරියට ඉටු කළා නම් අද අපේ රට සුරපුරයක් – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

397

‘‘ලෝකයේ අපිට වඩා, ජනගහනය වැඩි දියුණු රටවල් සමග සංසන්දනය කරද්දී, අපේ රටේ රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණය ඒ රටවලට සාපේක්‍ෂව ඉතාම ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා. ආසියාවේ, ශ‍්‍රී ලංකාවට වඩා ජනගහනයෙන් වැඩි රටවල් ගණනාවක් තිබුණත්, මුළු ආසියාවේ වැඩිම රාජ්‍ය සේවකයන් පිරිසක් ඉන්න රට ශ‍්‍රී ලංකාව. එහෙම වුණත්, මහජන නියෝජිතයන් විදියට අපෙනුත්, රාජ්‍ය සේවයේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගෙනුත් සිදුවිය යුතු සේවය, නිවැරදිව ඉටු වෙන්නේ නැහැ කියන එක මගේ  හැ`ගීමයි. එහෙම වුණා නම්, අද අපේ රට සුරපුරයක් වෙන්න තිබුණා. අද අපේ රට තියෙන ස්ථානය ගැන කල්පනා කරද්දී අපිට සතුටු වෙන්න බෑ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. අද දවසේ පත්වීම් ලිපි ලබන ඔබව, මම කරන චෝදනාවට වැරදිකරුවෙක් කරන්න බැරි වුණාට, මේ වනතෙක් රාජ්‍ය සේවයේ යෙදිලා ඉන්න රාජ්‍ය නිලධාරීන්ට සහ මම ඇතු`ඵ මහජන නියෝජිතයන්ට මේ චෝදනාවෙන් මිදෙන්න බෑ.’’

ග‍්‍රාමීය සහ ප‍්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා මෙලෙස පැවසුවේ ජනවාරි 10 වෙනි දින හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති, රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරීන්ගේ වසරක පුහුණවෙන් පසු ඔවුන්ට ස්ථිර පත්වීම් ලබාදීම යටතේ, හලාවත සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයේ දීය.

තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, ‘‘රාජපක්‍ෂවරුන් රට පාලනය කරන අවස්ථාවල දී උපාධිධාරීන්ව නිසි ඇගයීමකට ලක්කරලා, ඔවුන්ගේ උපාධියට ගැළපෙන නිසි රැකියාවක් දුන්නා. අනිත් අය රට පාලනය කරද්දී ඔවුන් හිතුවේ උපාධිධාරීන් රටට බරක් කියලා. රාජ්‍ය සේවකයන් ගැනත් ඔවුන් හිතුවේ ඒ විදියටයි. ඒ නිසයි රටේ හැම අංශයක්ම පුළුවන් තරම් පෞද්ගලිකකරණය කරන්න සහ රාජ්‍ය සේවකයන් අඩු කරන්න ඔවුන් කටයුතු කළේ. ඒ කාලවල රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් කියලා සංවිධාන ගණනාවක් හදාගෙන තිබුණා. ඒ අය රජයේ රැකියා ඉල්ලලා නගරවල උද්ඝෝෂණය කළා. එහෙම උද්ඝෝෂණ කරපු අයගේ ඔළු පැලූවා. අතපය, දත් කැඩෙන්න ගැහුවා. ඒ අය එහෙම තමයි උපාධිධාරීන්ට සැලකුවේ. නමුත් රාජපක්‍ෂ පාලන සමයේ එහෙම කළේ නෑ. උපාධියක් කියන්නේ රජයේ රැුකියාවක් ගන්න සුදුසුකමක් සේ සලකලා ඔවුන්ට ගැළපෙන රැකියාවක් දුන්නා.’’

‘‘පොහොර ප‍්‍රශ්නයට උනත්, ජනාධිපතිතුමා අතගැහුවේ සද්භාවයෙන්. එතනදීත් රාජ්‍ය නිලධාරීන් සහ අපේ මහජන නියෝජිතයන් එතුමාට අවශ්‍ය සහයෝගය නිවැරදිව ලබාදුන්නේ නෑ.

මේ පොහොර වැඬේ පටන් ගනිද්දී කණ්ඩායම් රැස්වීමේ දී මුලින් ම විරුද්ධ වුණේ මම. නමුත් තීන්දුවක් හැටියට ජනාධිපතිතුමා, ඒ තීරණය ගත්තාම ඒ වැඬේ සාර්ථක කරගන්න මට පු`ඵවන් උපරිමයෙන් මම සහයෝගය දුන්නා. නමුත් අපේම සමහර අය සහ බහුතරයක් රාජ්‍ය නිලධාරීන්, ජනාධිපතිතුමාගේ ඒ කාර්යය, එතුමා බලාපොරොත්තු වුණ ආකාරයට සාර්ථක කරගන්න සහයෝගය ලබා දුන්නේ නෑ කියන එකයි මගේ පෞද්ගලික අදහස.

ස්වර්ණ ශී‍්‍ර මහවත්ත – හලාවත අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment