ඩොලරයට සාපේක්‍ෂව රුපියල සියයට 6 කින් පිරිහිලා

229

මෙම වර්ෂයේ (2021* මුල සිට සැප්තැම්බර් 10 දා දක්වා කාලයේදී ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 6.8 කින් පිරිහීමට ලක්ව ඇත.

පසුගිය වර්ෂයේදී (2020* ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල සියයට 2.6 කින් පිරිහීමට ලක් විය.

මේ අතර මේ වසරේ සැප්තැම්බර් 10 වැනිදා තෙක් කාලයේදී ශ‍්‍රී ලංකා රුපියල යුරෝ ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඔස්ටේ‍්‍රලියානු ඩොලර් සහ ඉන්දියානු රුපියලටද සාපේක්‍ෂව පිරිහීමට ලක්ව ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ශ‍්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 3 කින්ද, ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 8.2 කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 0.8 කින්ද, ඔස්ටේ‍්‍රලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 2.7 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 6.3 කින්ද පිරිහීමට ලක්ව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment