කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම බංග්ලාදේශයට

110

අනිද්දා (26 වැනිදා) සිට ලබන 31 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත සීඒවීඒ වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (25 වැනිදා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

තරගාවලිය නියෝජනය කරන එම කණ්ඩායම සඳහා දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂානි ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකත්වය චතුරිකා මධුෂානි විසින් දරනු ලබයි.

එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තක්ෂිලා ගුණසිංහ මෙනවියයි.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම: චතුරිකා මධුෂානි (නායිකා – ශ්‍රී ලංකා යුද හමුදාව), දීපිකා බණ්ඩාර (ශ්‍රී ලංකා යුද හමුදාව), තක්ෂිලා ගුණසිංහ (පුහුණුකරු- ශ්‍රී ලංකා වරාය අධිකාරිය), සාගරී ගුණසිංහ (කණ්ඩායම් විනිසුරු)

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න සහ ලේකම් ඒ. එස්. නාලක මහතා ද ඡායාරූපයේ වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment