උඩහමුල්ල සිංහ සමාජය මෙහෙයවන කොළඹ දිස්ත්‍රික් පාපැදි ශූරතා සවාරිය 19 දා

67

උඩහමුල්ල සිංහ සමාජයේ සංවිධානයෙන් කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ මහතාගේ මග පෙන්වීම මත කොළඹ දිස්ත්‍රික් පාපැදි ශූරතාව 2023 සඳහා පාපැදි සවාරිය මෙම 19 වෙනිදා කළුබෝවිල බුද්ධගෝෂ විදුහල අසලින් ආරම්භ වෙයි. ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306ක්‍2 දිස්ත්‍රික් සිංහාධිපති සිංහ ඉස්මත හමීඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වේ. කළුබෝවිල නිමල් සුපර් ලයිට් අධිපති හිටපු නාගරික මන්ත්‍රී දේශමාන්‍ය ආචාර්ය නිමල් බුලත්සිංහල මහතා මීට අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment