මේ පස් දෙනා ලෝක කුසලාන තුනම දිනුම්

2202

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කළ ලෝක කුසලාන තරගාවලි තුනම ජයග්‍රහණය කළ පළමු ක්‍රීඩකයන් 5 දෙනා බවට පත් වීමට ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර්, පැට් කමින්ස්, ජොස් හේසල්වුඩ් සහ මිචෙල් ස්ටාර්ක් පසුගියදා සමත් වූහ.

ඉන්දියාවට එරෙහිව පසුගියදා ලද ටෙස්ට් ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණය සමග ඔවුහු එම විරල වාර්තාවට හිමිකම් කීහ.

ඊට පෙර මෙම ක්‍රීඩකයෝ 2015 එක් දින ලෝක කුසලාන සහ 2021 පන්දු වාර 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment