සත්‍ය දන්නවනම් හෙළිකරන්න – විපක්ෂ නායක මෛත්‍රීට කියයි

121

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කරමින් පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සත්‍ය දන්නා බව පැවසූ බවත් මේ නීච ත්‍රස්ත ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන් කවුද කියා දැන ගැනීමට තමා ඇතුළු ලක්ෂ 220ම බලා සිටින බැවින් තවදුරටත් බලා නොසිට ජීවිත පූජා කළ අහිංසක පුද්ගලයන් වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කරන ලෙසට ඉල්ලා සිටින බවත්, එය වහා හෙළිදරව් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම සමගි ජනබලවේග රජයක් තුළ විනිවිදභාවයෙන් යුක්ත අපක්ෂපාතී, සත්‍ය හෙළදරව් කරන දේශීය, විදේශීය පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගෙන ජීවිත හානි වූ, අවයව අහිමි වූ පවුල්වලට සාධාරණය ඉටු කරන බවත් මෙයට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඬුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 131 වැනි අදියර යටතේ ඊයේ (24දා) ලුණුගම්වෙහෙර අභයපුර කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment