හෙට බස් ධාවනය අඩාලවන ප්‍රදේශ

887


ඩීසල් නොමැතිකම නිසා හෙට ප්‍රදේශ කිහිපයක බස් රථ ධාවනය අඩාල වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඒ අනුව මන්නාරම,වවුනියාව,ගම්පහ දිස්ත්‍රික්කය,දකුණු පළාත,කෑගල්ල,මාවනැල්ල,පොළොන්නරුව,බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශ වල බස් රථ ධාවනය සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් පමණක් සිදුවන බව පවසයි.ලංගම බස් ඩිපෝ වලින් හෝ මෙම ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නොලැබුණු බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment