බද්දට පෙර ගෙන්වූ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තාමත් රටේ තිබෙනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

75

බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යෑමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය සීනි හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා එවැනි අවස්ථා පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළ යුතු බව පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (19දා) මේ බව පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment