ඩොලරය අඩුවුණු නිසා ආනයනික භාණ්ඩ මිලත් බස්සන්න – පාරිභෝගික අධිකාරියේ වැටලීම් ප්‍රධානී ඉල්ලයි

50

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවී ඇති නිසා ආනයනය කරන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අඩුකර අලෙවි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරුසිංහ මහතා (25 දා) තොග ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

මේ වනවිට පාරිභෝගික අධිකාරියේ වැටලීම් ඒකක යොදවා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල්, කල් ඉකුත්වූ භාණ්ඩ, වගකීම් සහතික කොන්දේසි කඩකරන ආයතන ඇතුළු පාරිභෝගික පනත උල්ලංඝනය කරන ස්ථාන වටලන බව ද ඒ මහතා පැවසීය. රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවීම නිසා කිරිපිටි මිල යම් ප්‍රමාණයකින් අඩුවූ බවත් එවැනි වාසි ආනයනික අනෙකුත් භාණ්ඩවලින් ද මහජනතාවට ලබාදිය හැකි බවත් ඉරුසිංහ මහතා කීය.

මේ වනවිට ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය නොරකන අතර ඒ වෙනුවට චීනයෙන් ලොකු ලූනු ගෙන්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment